
පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම් වශයෙනි. සම්‍යක්සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදුවීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනෙක් නිවන් දකින්නේද නිවන් දකින්නට බලාපොරොත්තු වන්නේද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රයම පිළිබද පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කලෙමු. ” – කතෘහිමියන් විසින් මේ සටහන තබා ඇත.
පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත මේ පොත් වහන්සේ නිවන් දකින්නට බලාපොරොත්තු වෙන සියලු දෙනා විසින්ම කියවා අවබෝධකරගත යුතු මහගු පුස්ථක රත්නයකි. බොහෝ දෙනෙක් සිදුකරන්නේ මෙවන් පුස්ථක රත්නයන් අල්මාරියක දවා වැදුම් පිදුම් කරමින් සිටීම විනා පොත්වහන්සේ කියවා අවබෝධ කරගැනීමක් නොවේ. මැණිකක් ඔපදමන විට එහි දීප්තිය වැඩිවෙන්නේ යම් සේද මේ පොත් වහන්සේලා පරිහරණය කිරීමෙන් චිත්ත සන්තානයේ මුල්බැසගෙන ඇති කෙලෙස් කෙමෙන් ගැලවී ඉවත්වන්නට පටන් ගනී. ඉදින් නිවන්මගට පිලිපන් ඔබට ඒ මග යන්නට මනා මරේගෝපදේශකයෙකු වශයෙන් චන්දවිමල හිමියන් රචිත මේ පොත් වහන්සේ ක්‍රියා කරනු ඇත.