
ධාතුකථා පකරණයඃ-
මෙහි “රූපස්කන්ධය හා වේදනාස්කන්ධය කෙතෙක් ස්ඛන්ධයන් විසින්, කෙතෙක් ආයතනයන් විසින්, කෙතතෙක් ධාතූන් විසින් සංගෘහිත වේද යනාදියෙන් විචාරා රූපස්කන්ධය හා වේදනාස්ක්නධය ස්කන්ධ දෙකකින්, ආයතන එකොළොසකින්, ධාතු එකොළොසකින් සංගෘහිත වේ” යන උත්තර දී ඇත. ස්කන්ධ-ආයතන-ධාතූන්ගේ නානාවිද විභාග වන මෙයින් ධාතු කතා යන නාමය ලැබී ඇත.
පුග්ගල පඤ්ඤත්තිඃ-
මෙහි ග්රන්ථ ප්‍රඤ්ඤප්ති හෙවත් පැනවීම් ප්‍රබේධ 6 ක් ගැන විස්තර වේ.
01 . ඛන්ධ පඤ්ඤත්තිඃ
02 . ආයතන පඤ්ඤත්තිඃ
03 . ධාතු පඤ්ඤත්තිඃ
04 . ඉන්ද්රිය පඤ්ඤත්තිඃ
05 . පුග්ගල පඤ්ඤත්තිඃ
06 . සච්ච පඤ්ඤත්තිඃ
ඛන්ධ පඤ්ඤත්තියේදී පඤ්චස්කන්ධය ද, ආයතන පඤ්ඤත්තියේදී දොළොස් අයතන ද, ධාතු පඤ්ඤත්තියේදී අටළොස් ධාතු ද, චතුරාර්ය සත්‍ය ද, ඉන්ද්රියපඤ්ඤත්තියේදී විසි එකක් වූ ඉන්ද්‍රියන් ද, පුග්ගල පඤ්ඤත්තියේ දී චතුවිධ පුග්ගල ප්රභේදයන් සහ දානයන් පිළිබදව විස්තර කරයි. මෙහි එන සමහර කරුණු අංගුත්තර නිකාය ආදී සූත්‍ර පිටක තුලද දක්නට ලැබ්.