Skip to main content

සැරියුත් මහරහතන් වහන්සේ – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Sariuth maha rahathan wahanse – Ven Nauyane Ariyadhamma Maha Thero )

සැරියුත් මහරහතන් වහන්සේ” යන නාමය ඇසුණු සැණින් අප මනස දිව යන්නේ විහාරගෙයි බුදුපිළිම වහන්සේගේ දකුණුපසින් වැඩ සිටින මහා ශ්‍රාවක පිළිම වහන්සේ වෙත ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම වන්නේ සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන්වහන්සේත් වම්පසින් මුගලන් මහරහතන් වහන්සේත් වැඩ සිටිති.

සැරියුත් මහ තෙරුන් උතුරු ඉන්දියාවේ රජගහ නුවරට නුදුරින් පිහිටි නාලක බමුණු ගමේ වංගන්ත බමුණාට දාව රූපසාරී බැමිණිය ගේ කුසෙන් ඉපිද “උපතිස්ස” යන නම ලැබුවේය. සාරී බැමිණිය ගේ පුත්‍රයා නිසා “සාරිපුත්ත” යන නමින් ද ප්‍රකට විය.

උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පෑ ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේය. ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.

”භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනිකෙකු හට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳින් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවීය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන් ගේ දකුණත් සර්ව තනතුර දැරුවේ ද ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහ දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය. ඒ බව උන්වහන්සේ ගේ චරිතය විමසීමෙන් මනාව ප්‍රකට කෙරේ.

එවන් උත්තම මහ රහතන් වහන්සේකෙනෙකු ගැන පූජ්‍ය නා උයනේ අරියධම්ම මාහිමියන් විසින් රචිත ග්‍රන්ථය භාගත කරගන්න.