Skip to main content

ජාතික තොටිල්ල – ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ( Jathila Thotilla – S. Mahinda Thero)

” පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය” වන අපගේ මාතෘ භූමියට සිංහල භාෂාවට හා බුදු දහමට අමිල සේවාවක්‌ කරමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමෙහිලා මහත්වූ වෙහෙසක්‌ දැරූ විදේශිකයන් අතරින් ප්‍රමුඛස්‌ථානය ලැබෙනුයේ ටිබෙට්‌ ජාතික සිකීම් මහින්ද හිමියන්ටය.

සිංහලයකු නොවූවද ලක්‌බිමෙහි නොඉපදුණ සිංහල ජාතිය ගැන බුදුදහම පිළිබඳව නිරතුරුව ජාතික කැක්‌කුමකින් ක්‍රියා කළ මහින්ද හිමියෝ සිය කවීත්වය උපයෝගි කරගෙන නිදා සිටි සිංහලයන් අවදි කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූහ.

එස්‌. කේ. ටෂිනම්ගල් කුමරු හිමාලය කඳුවැටිය අසල ටිබැට්‌ ප්‍රදේශයට යාබද සිකීම් නුවරදී උපත ලබන්නේ 1901 වසරේදීය. උපතින් වසර 13 කට පසුව එනම් 1914 දී ටෂිනම්ගල් කුමරු ජර්මන් ජාතික හිමිනමක්‌ සමග ලක්‌දිවට පැමිණ මහාබෝධි සමාගමට අයත් විද්‍යාලයකට ඇතුළුවී ඉගෙනීමෙහි සහජ දක්‍ෂතා දක්‌වමින් අධ්‍යයන කටයුතුවල නිරත විය.

ඒ අතරතුරදී අලුත්ගම සීලක්‌ඛන්ධ නාහිමියන්ගෙන් සංස්‌කෘත සිංහල, පාලි, බුද්ධාගම ආදී සියලු ශාස්‌ත්‍රයන් මැනවින් ප්‍රගුණ කරමින් ව්‍යක්‌ත ධර්ම දේශකයන් වහන්සේ නමක්‌ වූයේ සාමණේර අවධියේදීමය. පසුව දොඩන්දූව ශෛලබිම්බාරාමයේ සිට රත්මලානට පැමිණ රත්මලාන පුරාණ රජමහා විහාරාධිපතිව සිටි ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති හිමියන්ගේ ශිෂ්‍යයකුව මහණ උපසම්පදාව ලබාගෙන ශ්‍රී ධර්මාරාම පිරිවෙනට ඇතුළු වී ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම යන විභාග වලින් උසස්‌ ලෙස සමත් විය. මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ධුරයකට පත්වන්නේ ඉන් අනතුරුවය.


කුමන කාර්යයක නිරතවී සිටියද දේශවාත්සල්‍ය දනවන උසස්‌ කවි ලියමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමට මහින්ද හිමියන් කිසිවිටෙකත් අමතක නොකළේය.

1935 දී ”ලංකා මාතා” නමැති විශිෂ්ට කාව්‍යය ලියමින් සිය කවීත්වය මැනවින් ඉස්‌මතු කළ උන්වහන්සේ අඛණ්‌ඩව කවි ලියුවේ අසරණව සිටි සිංහලයාට වහල් බැම්මෙන් මිදී නිවහනව නැඟී සිටීමට ධෛර්යය දීමටය. මහින්ද හිමියන්ගේ කවි අසිපතනේ නැඟුණු රණහඬ නිදහස්‌ සටනට උරදී සිටි විරුවන්ගේ සිතට මහත් ශක්‌තියක්‌ විය.

”ඔවා මුතු දම” නමැති කවි පොත රචනා කරමින් ග්‍රන්ථ කරණයට පිවිසි උන්වහන්සේ ඉතා වටිනා කාව්‍ය ග්‍රන්ථ 29 ක්‌ සහ ගද්‍ය ග්‍රන්ථ 11 ක්‌ ලියා පළකරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට නොපිරිහෙලා දායක වූහ. කොළඹ යුගයේ ප්‍රථම කාලයේ දක්‍ෂ කවියකු වූ ටිබෙට්‌ හිමියෝ දිනපතා හා සති අන්ත පුවත්පත්වලට සඟරාදියට සැපයූ ලිපි කවි ආදිය අප්‍රමාණය.

මහින්ද හිමියන් ළමා පරපුර වෙනුවෙන් ද බොහෝ කවි ගී ලියා ඇති බව ප්‍රසිද්ධ කරුණකි. ළමා ලෝකයේ සුන්දරත්වය ඉතා සරළව මෙන්ම රසවත්ව ඉදිරිපත් කරමින් ළමා මනස පුබුදුවාලීමට වෙහෙස දැරීය. ළමා කවි කළඹ, ඔවා මුතු දම, කව් මිණ, කව්මුතු එයට කදිම උදාහරණ වේ.

උන්වහන්සේ සිය ජීවිතයේ අවසන් වසර 15 ම පානදුරේ මහබෙල්ලන සුධර්මාරාම විහාරයේ වැඩ වෙසෙමින් විශාල ශාසනික මෙහෙවරක නිරත විය. අමද්‍යප ව්‍යාපාරයට සාර්ථක දායකත්වයක්‌ සපයමින් ඉංගීS්‍රසි පාඨශාලාවක්‌ හා නවලංකා දහම් පාසල පවත්වාගෙන යැමට කටයුතු කළේය.

විදේශිකයකු වුවද සිංහල ජාතිය අසරණව සිටි අවධියක සිංහල ජාතියේ ඉතිහාසය සහ ප්‍රෙෘඪතAවය පෙන්වා දෙමින් සිංහලයා තුළ දේශානුරාගය හා නිවහල් හැඟුම් ඇතිකරලීමට දිවිහිමියෙන් කටයුතු කළ ටිබෙට්‌ ජාතික සිකීම් මහින්ද හිමියෝ 1951 මාර්තු 16 දා ලංකාවාසී සකල බෞද්ධ ජනතාවම ශෝකයට පත්කරමින් හදිසියේ අපවත්වී වදාළ සේක.

දිවයින ඇසුරිනි

ජාතික තොටිල්ල භාගත කරගන්න.