Skip to main content
Monthly Archives

June 2015

සිතේ සැබෑව …කුකුල්පනේ සුදස්සී හිමි ( Sithe sabewa – Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

ඇයි මේ විදිහට සිත පිලිබද දකින්නට ඒ අනුව මෙනෙහි කරන්නට බුදුහාමුදුරුවො මේ තරම් ප්‍රධාන තැනක් දුන්නේ. පින්වතුනි සසර කියන්නෙ සිතයි. ඒ නිසා සසර යායුතු කෙනා සිත ගැන දැනගෙන සිටිය යුතුයි. නිවන් අවබෝධ කරගන්නා කෙනාත් සිත ගැන දැනගත යුතුයි. ඉබාගාතේ යන්නටනම් සිත ගැන දැනගන්නට අවශ්‍ය නැහැ. යන ආකාරයකින් යන්නට ඉඩ අරින්න පුලුවන්. නමුත් සසර සකසාගෙන කෙනෙකුට යන්නට ඕනෑනම් සසර සුවපත්ව සුවසේ යන්නට ඕනෑනම් ඒ තැනැත්තා සිත ගැන දැනගත යුතුයි. යමෙකු සසර ගමන අවසන් කරන්නට  අවශ්‍යනම් ඒ තැනැත්තා විශේෂයෙන්ම සිත ගැන දැනගත යුතුයි ..

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

සාංඝික දානයක් දෙනවිට …කුකුල්පනේ සුදස්සී හිමි ( Sangika danayak denawita … – Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

“ සංඝ” යන වචනය භික්ෂු සංඝ, භික්ෂූණී සංඝ, අරිය සංඝ, ශ්‍රාවක සංඝ යනුවෙන් ආකාර සතරකින් ව්‍යවහාර වේ.  එයින් භික්ෂු සංඝ යනු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂූන් වහන්සේලාය. භික්ෂූණී සංඝ යනු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්සුණීන් වහන්සේලාය. අරිය සංඝ යනු බුදුරජාණන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවකයන් අතර සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත් වූ පිරිසය. මේ පිරිසම ශ්‍රාවක සංඝ යනුවෙන්ද හැදින්වේ.

වර්තමානයේ සග සතු දාවයක් දෙනවිට මේ අතරින් “ භික්ෂු සංඝ” යන පිරිස මුල් කරගෙන එම පින්කම පැවැත්වේ. මෙහිදී ආර්ය වූද අනාර්ය වූද සියලු භික්ෂූන් වහන්සේලාද අදහස් කෙරේ. ආර්ය භික්ෂූන් යනු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන ඵල සතරට පැමිණි භික්ෂු පිරිසයි. අනාර්ය භික්ෂූන් යනු ආර්ය භාවයට පැමිණීම පිණිස පිළිවෙත් පුරණ පෘතග්ජන භික්ෂු පිරිසයි. මේ දෙයාකාර වූ සියලු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දෙන දේ “ සාංඝික දාන, සග සතු දාන ” යනුවෙන් හැදින්වේ.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

ලොව්තුරු සුව සදන ඉවසීම – කුකුල්පනේ සුදස්සී හිමි ( Lowthuru suwa sadana iwaseema – Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

ක්ෂාන්තිය හෙවත් ඉවසීම පාරමිතාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පාරමිතා කියන්නේ පරතෙරට පමුණුවන්නට, කෙළෙස් සයුරෙන් එතෙර කරවන්නට, සමත්වන සුවිශේෂ ගුණධර්මවලටයි. සත්වයාට නොයෙක් ආකාරයෙහි සසරෙහි දුක් පීඩාවලට භාජනය වන්නට හේතුවන ක්ලේෂ ධර්මයන් ප්‍රහානය කිරීම සදහා දෙසූ පාරමිතාවන් අතර ක්ෂාන්තිය හෙවත් ඉවසීම සැමවිටම අත්‍යාවශ්‍ය ධර්මයක්. ඒ නිසා ක්ෂාන්තිය කියන්නෙ මොකක්ද කියල අපි මූලික වශයෙන් හදුනගන්න ඕනි. සරග වශයෙන් අපි පැහැදිලි කරගත්තොත් ක්ෂාන්තිය කියන්නෙ ඉවසීමයි. ක්ෂාන්ති පාරමිතාව කියන්නෙ ඉවසීමේ ගුණය නැවත නැවත පුහුණු කිරීමයි. කෙලෙස් ධර්ම මැඩපවත්වන්නට, කුශල ධර්ම සම්පාදනය කරන්නට,  ඒ වගේම සියලු සංයෝජන ධර්මයන් ප්‍රහානය කරන්නට ආශුව ධර්මයන් ප්‍රහානය කරන්න ප්‍රමානවත් ආකාරයෙන් ඉවසීම පුහුණු කිරීමයි ක්ෂාන්ති පාරමිතාව හැටියට දැක්වෙන්නේ. මොනව ඉවසීමද ? බුදුහාමුදුරුවො දේශනා කරනව මේ ෂඩ් ඉන්ද්‍රියන්ගෙන්ම අපිට සුවදාය දේත් කටුක දේත් අතිවිදින්න වෙනව කියල. ඒ කටුක අත්දැකීම් වලදී විරුද්ධ නොවී නොකිපී ඉන්ට පුලුවන්නම්එය තමයි ඉවසීම හෙවත් ක්ෂාන්ති පාරමිතාව හැටියට දැක්වෙන්නෙ.බුදුරජාණන් වහන්සේ දේශනා කරනව සෑම සංස්කාරයක්ම අනිත්‍යයි, දුක්ඛිතයි, අනාත්මයි.මේ ත්‍රිලක්ෂණයට යටත් නොවන කිසිම සංස්කාරයක් මේ ලෝකයේ නැහැ.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

නොනිමෙන මරණයේ නොමියෙන අරුත්- කුකුල්පනේ සුදස්සී හිමි ( Nonimena maranaye nomiyena aruth – Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

අපි හැම කෙනෙක්ම බොහෝ අවස්ථාවල මරණය ගැන අහල තියෙනව.  ඕන තරම් මැරුන අය දැකල තියෙනව. ඒ වගේම මරනයේදී දුක ශෝකය ඇතිකරගන්නා අන් අයගේ සති් සනසන්නට අපි ඕනි තරම් උපදෙස් දීල තියෙනව. නමුත් තමන්ට හෝ තමන්ගේ අසන්න කෙනෙකුට මරණයක් පැමිණෙන විට ඒක ජීවිතයට තදින්ම දැනෙනව. ඒක මනසට කම්පනයක් ඇති කරන්නට, මනස වික්ෂිප්ත කරන්නට, මනසට පීඩාවක් දුකක් අපහසුවක් ඇති කරන්නට සමත්වෙනවා.

බොහො මනුෂ්‍යයො දුකක් පීඩාවක් ඇති උනාම  කරන්නෙ ඒ මත්තමෙ හැපිල, ඒ මත්තසම පැවතිල, කායිකවත් දුබල වෙලා, දෛනිකව කරන කටයුතුත් අතපසු කරගන්නවා. සතියක්, මාසයක්, වැඩිම උනොත් වසරක් විතර ඒ වෙනුවෙන්ම දුක් විදිනවා. පීඩා නිදිනවා. වසරක් පමණ ගතවෙනකොට අපිට දෛනික ජීවිතය ඒ මියගිය අය වෙනුවෙන්ම හිත හිතා ගතකරන්නට බැරිවෙනවා. ඊටපස්සෙ දෛනික ජීවිතයෙ සුපුරුදු ගැටලු ප්‍රශ්න අපි මත පැටවෙනකොට අපට අර සියල්ලම අමතක කරලා සුපුරුදු විදිහට ජීවත්වෙන්න සිදුවෙනවා. ආයෙ අපි හිනහවෙනවා. සතුටුවෙනවා, මුදල් උපයනවා, ජීවත්වෙනවා. ආයෙත් අරවගේ දෙයක් උන වෙලාවට නැවත යඩා වැලපෙනවා. සතියක් හමාරක් මාසයක් විතර ගතවෙනකොට නැවතත් අපිට දෛනික ජීවිතය ගැන හිතන්න වෙනකොට මරණය ගැන හිත හිතා ඉන්නට වෙලාවක් නැතිවෙනවා.  ආපහු අපි දෛනික ජීවිතයේ ගැටලු  වලට හුරුවෙනවා.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

නිවනට මග සදන ස්ථූප – කුකුල්පනේ සුදස්සී හිමි ( Niwanata maga sadana sthupa – Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසූ වැනි වියේදී ආයු සංස්කාරය අත්හැරල තුන් මසකට පසු කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ “ උපවර්තන ” නම් සල් උයනට වැඩම කළා. සල් ගස් දෙකක් අතර , ආනන්ද හාමුදුරුවො පනවලා දුන්න ආසනයෙ සැතපිල ඉන්න අවස්ථාවෙ දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයින් එතනට ඒකරාශී වෙලා බුදුරජාණන් වහන්සේ දැකගන්නට ලැබෙන මේ අන්තිම මොහොතේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මලින් සුවදින්  තූර්ය නාදයෙන් තථාගතයන් වහන්සේට පූජා පැවැත්වූවා.

ඒ වෙලාවෙ ආනන්ද හාමුදුරුවො අහනව “ ස්වාමීනී බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ ඔබවහන්සේගේ ආදාහන පූජෝත්සවය මා කෙසේ පැවැත්විය යුතුද?” කියා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කලා “ ආනන්ද, ඔබ තවම සෝවාන් කෙනෙක්. ඔබට තවමත් අරහත්වය සදහා කරන්න බොහෝ දේ තියෙනව. ඒ නවිසා මගේ ආදාහන පූජෝත්සවය සදහා වෙහෙසෙන්න ඕනි නැහැ. ඔබ අරහත්වය සදහා අවශ්‍ය කටයුතු කරගන්න. අදාහන පූජෝත්සවය සදහා කටයුතු කරන්නට තථාගතයන් වහන්සේ ගැන පැහැදුනු බොහෝ රජවරු, බ්‍රාහ්මණයෝ, ගෘහපතියො ඉන්නවා. ඒ අය කැමති අයුරින් ආදාහන පූජොත්සවය කරාවි ”

නැවත ආනන්ද හාමුදුරුවො අහනව “ස්වාමීනී,  ඒ පිලිබදව ඔවුන් පිලිපැදිය යුත්තේ කෙසෛ්ද?” එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, “ ආනන්ද, සක්විති රජකෙනෙක් මියගියාම කොහොමද ආදාහන පූජෝත්සවය කරන්නේ, ඒ වගේ කරන්න කියලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය පිලිබද ආදාහන කෘත්‍යය කරන්න” යැයි දේශනාකොට එය සිදුකරන හැටි අනුපිලිවෙලින් දේශනා කලා.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.