Skip to main content

පහන් කණුව ධර්ම දේශනා ( පළමු වෙලුම) පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ { Pahan kanuwa dhamma deshana ( Volume no 1) – Ven Katukurunde Nanananda Bhikku }

දහම් දන හැමදන්ම පරදයි
දහම්රස හැම රසම පරදයි
දම් ඇලුම හැම ඇලුම් පරදයි
නිවන් සුව හැමදුක්ම පරදයි

අනුත්තර ධර්ම රාජයාණන් වහන්සේගේ ධර්ම විජයට අරමුණ වූයේ දෙවිමිනිසුන්ගේ චිතත සනතානයයි. අනාදිමත් කාලයක් තුළ මෝහයෙන් මුළාවීසසර දුක් ගින්නෙන් දැවෙමින් සිටින ලෝ සතුන්ගේ සිත් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහාකාරුණිකයාණන් වහන්සේගේ ධර්මවිජය පරමාර්ථය විය. දුක් ගිනි වඩනදිග්විජය වෙනුවට දුක් ගිනි නිවන ධර්ම විජයක් බුදුපියාණන් වහන්සේ
ලෝකයාට හඳුන්වා දුන්හ.

ධර්ම දානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැටෙන දහම් පදයකින් පූණර්ණ ජීවිත පරිවර්ථනයක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වස්තු දානයෙන් සැළසෙන තාවකාලික සහනය මෙන් නොව, එය සනාතන සැනසුමකට මඟ හෙළිකරයි. මොහාතකට දිවගට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සිත් සනහන ගැඹුරු අර්ථ රසයකි. සසර වඩන ගේහසිත ඇලු̈ම් මෙන් නොව, ලොවුතුරු දහමට ඇති ඇල්ම සසර ගමන කෙටිකරයි. තණහා පිපාසය සන්හිඳුවන අමා මහ නිවන සියලු සසර දුක් නිවාරණය කරයි.

“නිවනේ නිවීම” පොත් පෙළෙන් අප දියත් කළ ධර්ම දාන වැඩ පිළිවෙළෙහි දෙවැනි අදියර වශයෙන් මේ “පහන් කණුව ධර්දේශනා” පොත් පෙළ එළි දකී. මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි යෝගාවචර සඟපිරිස හමුවේ අප විසින් දේශනා කරන්නට යෙදුන දෙසුම් 33 ක් රැගත් යටකී පොත් පෙළට වඩා සරල අන්දමින්. ජන ජීවිතයේ එදිනෙදා ගැටළුවලට එල්ල කොට දෙසන ලද බැවින් මෙම ධර්ම දේශනා මාලාව බොහෝ දෙනෙකුට වැඩදායක වනු ඇතැයි සිතමු. . සසරදුක් ලියලවන වන විවිධ විෂම දෘෂටි මතවාදයන්ගෙන් ගැවසීගත් පොත් පත් සඟරා “සහරාවක” අතරමංව සිටින වත්මන් පාඨක සමාජයට මේ තුළින් ලොවුතුරු මඟට යම් “තරු සළකුණක්” හෝ ලැඛෙතොත් අප දැරූ උත්සාහය සඵල වූ ලෙස සළකමු. “ආනුපුබබී කථා” නම් වූ අනුපිළිවෙළ කථාමාර්ගයක් අනුගමනය කරමින් දහම් දෙසූ බුදු පියාණෝ එවැනිම “අනුපිළිවෙළ කථාවක්” ධර්මදේශකයින්ට අනුදැන වදාළහ. දාන කථාව, සීල කථාව, සගග කථාව, කාමයන්ගේ ආදීනව හා කඛමමයෙහි ආනිසංස ඒ අනුපිළිවෙළ කථාවට අයත්වේ. ඒ සියල්ල තුළින් සකස් වූ, පුබුදුවූ. පහන්වූ සිතට චතුරාර්ය සත්‍ය දේශනාව මැනවින් විෂය වේ. දේශනා විලාස වශයෙන් සළකන කල, බුදධ දේශනාවෙහි ඉස්මතුව පෙනෙන ආදර්ශවත් අංග සතරක්ද ඇත. එනම්,

උපමා, නිදර්ශන, ආදියෙන් ධම_ කරුණු සන්දර්ශනය කිරීම (සන‍දසෙසති)
සිත් කාවදින අන්දමින් එත්තු ගන්වාලීම (සමාදපෙති)
ඒවා ප්‍රතිපතතියට නැංවීමෙහිලා උත්සාහවත් කිරීම (සමුතෙතජෙති)
අසන්නන්ගේ සිත්සතන් ප්‍රසාදයට පත්කිරීමයි (සමපහංසෙති).

ධම්ම පදයෙන් තෝරාගත් ගාථා මාතෘකා කොටගෙන පැවැත්වෙන මෙම දෙසුම් පෙළෙහිදීද හැකිතාක් දුරට ඉහත සඳහන් මූලධර්ම අනුගමනය කිරීමට තැත් දැරුවෙමු. බුදෙධා්ත්පාද කාලයක ලැබිය හැකි අග්‍රඵලය වන අර්හත් ඵලයෙන්ම දේශනාවක් කුළුගැන්වීමට උනන්දු වීමු. වෙනත් සුලභ ලෞකික පරමාර්ථ තුළ අසන්නන් සිරකොට නොතබා, බුදුපියාණන් වහන්සේ වදාළ අප්‍රමාද පදය සිහිගන්වමින් සංසාර විමුකතිය දෙසටම ඔවුන් යොමු කරවීම අපගේ පරම අධ්‍යාශය විය. “පහන් කණුවෙන්” විහිදෙන මෙම ධමර්ලෝකයෙන් ලෝකයාට නිවන් මඟ හෙළි පෙහෙළි වේවා”

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.