Skip to main content

සොදුරු හුදෙකලාව … පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sonduru Hudekalawa – Ven Kiribathgoda Gnanananda Thera )

අපි අද ඉගෙනගන්න සූදානම් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මයයි. මේ ධර්මයට මනුෂ්‍යයාව ඉහලම තලයට ගෙනියන්න පුලුවන්කම තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙකුට කිසි ලෝකෙක බැරිවිදිහට සීලය දියුණු කරන්න පුලුවන් මාර්ගයක් මේ ධර්මය පෙන්නනවා.  සමාධිය දියුණු කරන්න පුලුවන් මාර්ගයක් පෙන්වනවා. ප‍්‍රඥාව දියුණු කරන්න පුලුවන් මාර්ගයක් පෙන්නවා. ලෝකෙ තියෙන සියලුම බන්ධනයන්ගෙන් නිදහස් වෙලා අවබෝධයෙන්ම වි̇මුක්තිය කරා යන මාර්ගය ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා. ඉතින් මේ මාර්ගය ලෝකෙට බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරන කොට උන්වහන්සේ ඒ හෙළිකරන්නේ  විශාල බලයක් ඇතිව. ඇයි ඒ වගේ විශාල බලයක් ඇතිව  ඒක කරන්න වෙලා තියෙන්නෙ?  එහෙම නැත්නම් මේ මාර්ගය  කඩාකප්පල් කරනවා. ඒකට හේතුව තමයි සීල, සමාධී, ප‍්‍රඥා වලට  විරුද්ධ මේ පෙනෙන ලෝකය විතරක් නොවෙයි, නොපෙනෙන ලෝකයත්  විරුද්ධයි.

මෑත භාගයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය  බබලවන්න ගත්තු සියලු උත්සාහයන් අසාර්ථක වෙලා  තියෙනවා. ඒකට හේතුව කෙලෙස් සහිත මේ මනුෂ්‍ය  ලෝකෙ විතරක් නොවෙයි,  නොපෙනෙන ලෝකෙත් මේ ධර්මයට කැමති නැහැ. ඒකට හේතුව තමයි මනුෂ්‍යයෙක්  සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන් දියුණු වෙනකොට ඒගොල්ලන්ට ඉරිසියාවක් ඇතිවෙනවා ඒ ගොල්ලො  ඉක්මවා යන්න හදනවා කියල. .     –  කතෘ ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩව්‍රන්ලෝඩ් කරගන්න.