Skip to main content

සිංහල පිරුවාණා පොත්වහන්සේ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( sinhala piruwana poth wahanse – Ven Kiribathgoda Gnanananda Thera )

මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහල වී වදාල  සතරවෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත්, රැකවරණයත්, ආරක්ෂාවත් උදෙසා අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදාකරදිය හැක්කේ පරම දුර්ලභ වූ බුදු සසුනට පමණි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙකරුණ මැනවින් සිහියේ දරා සිටින්නෙකි. ඒ නිසා දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන් හිදී ආශිර්වාදය සලසා ගන්නේ උතුම් තෙරුවන් සරණ තුලින්මය. බාහිර පිහිටක්, පිළිසරණක් සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. ඒ නිසාම ලක්දිව වැඩසිටි ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන්ගේ ජීවිතවලට ආරක්ෂාවත් ජීවිතවල සැනසීමත් යහපතත් උදෙසා සියවස් ගණනක් මුලුල්ලේ භාවිතයට පැමිණි පිරිත් පොත අපේ රට තුල සම්භාවනාවට පත් වූයේ පිරුවානා පොත්වහන්සේ නමනි.  ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනා සමග තමන්ගේ මුලු ජීවිතයම රදවාගෙන තිබුණි. අපරට ආක්‍රමණය කල මිත්‍යාදෘෂ්ඨික ඉංග්‍රීසි පාලකයන් වරෙක එංගලන්තයට ලියා යවා තිබුනේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව සතිපිරිත් පින්කම් වලින් ඈත්කරගතහොත් ඔවුන්ව ලේසියෙන් ක්‍රිස්තියාණි කරගත හැකි බවය. මෙයින් පෙනෙන්නේ පිරුවාණා පොත් වහන්සේ සිංහල බෞද්ධයාගේ ජීවිතවලට බද්ධවී ඇති ආකාරය පිලිබද ඔවුන් බියපත්ව සිටි බවය.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ