Skip to main content

බුද්ධියේ හිරු කිරණ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( Buddhiye hiru kirana – Ven Kiribathgoda Gnanananda Thera )

ජීවිතය යනු සුවහසක් ගැටළුවලින් පිරුණු දෙයක්.එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳ වී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්නට කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම වඩාත් හොඳ නොවේද? ඒ වෙනුවෙන් හැම කෙනෙක්ම යම්කිසි පිහිටක් පිළිසරණක් සොයා යනවා. අනික් අතට මේ ජීවිතය හිතාගන්නට බැරිතරම් අවදානම්. කොයි මොහොතේ කුමන ආපදාවකින් අපට කරදර සිදුවේදැයි කාහට නම් කිව හැකිද? හරිම අවිනිශ්චිතයි. කොයි පැත්තෙන් බැලූවත් අසරණභාවයක් දකින්නට ලැඛෙනවා. වචනවලින් කියා ගත නොහැකි මොකක්දෝ අඩුපාඩු සහිත බවක් ජීවිතවල තියෙනවා. ඔය අතරෙ තම තමාගෙන් සිදු වූ අත්වැරදිවලට වන්දි ගෙවමින් සෝ සුසුම් හෙළන ජීවිත කොතෙක්ද?

දුක් වේදනා හිත්වල පුරවාගෙන හිතින් හ~ හ~ා සිටින ජීවිත කොතෙක්ද? ඊළඟට මේ තත්වය දිගින් දිගටම පවත්වන්නට මෙන් සමහර ජීවිතවල අපල උපද්‍රව ග්‍රහදොස් යැයි කියා ගන්නා දේව ̈ත් සතුරු ඉවරයක් නැහැ. ඇත්තෙන්ම ජීවිතය අනාරක්ෂිතයි නේද? ඔය තත්වය නිසාම අනාගතය පිළිබඳ සැක සහිත බවක් නේද සිතට ඇති වෙන්නේ? ඉතින් බොහෝ දෙනෙක් ජීවිතය සුරක්ෂිත කර දෙනවා යයි පෙනෙන බොහෝ දේ පසුපස ඔහේ දුවගෙන යනවා. නැකත්, සුභ නිමිති, දේව වාක්‍යය, දෙවි රැකවරණ, අපල ලබාදෙන නව ග්‍රහයන්ට
අයත් දෙවිවරු, හාස්කම්වලින් පිහිට ලබා ගැනීම, විශ්මය ජනක සෙත් ශාන්ති ආදී දහසක් දේ පසුපස යනවා. යම්කිසි අද්භූත දෙයකින් පිහිටක් ලබාගන්නට පෙළඹෙනවා. එහෙත් අපේ අසරණකම කොතරම්ද කීවොත් ඒ කිසි දෙයක සත්‍යාසත්‍යභාවය සොයන්නට අප කැමති
වෙන්නේ නැහැ

– කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.