Skip to main content

බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර- පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි ( Bauddhaya ha Bauddha charithra – Most Ven.Madihe Pannasiha Mahanayaka Thera )

රටත්, ජාතියත්, ආගමත්, සම්බුදු සසුනත් සුරක්‍ෂිත කරලීම සඳහා ජාතියේ පුණ්‍ය මහිමයට පහළ වූ සඟරුවනක් ලෙස අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සීලයෙන්, ගුණයෙන් හා නුවණින් යුත් උන්වහන්සේ කරුණාබරිත හදවතින් යුතු පි‍්‍රයශීලී බවින් පිරිපුන් සුපේෂල ශික්‍ෂාකාමී මහා යතිරුවනකි. මෙබඳු උතුමන් පහළ වන්නේ රටට, ජාතියට වාසනාවකටය. ලොකු කුඩා ගිහි පැවිදි සෑම අයෙකුටම ආදර්ශ සම්පන්න දිවි පෙවතක් ගෙවූ මහා නායක මාහිමිපාණන් වහන්සේ දැකීම පවා නෙත් සිත් පුබුදුවාලීමට සමත් වේ.

අනාගත සමාජයේ අභිවෘද්ධිය ගැන කල්පනා කළ උන්වහන්සේ දැනුමෙන්, ගුණයෙන් හා අවබෝධයෙන් යුතු ගිහි හා පැවිදි සමාජයක් බිහි කරනු වස් සිදුකළ මෙහෙය ප්‍රශංසනීය වේ. 1957 වර්ෂයේ මහරගම ශාසන සේවක සමිතිය ආරම්භ කොට බෞද්ධ සමාජයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය හා භාෂාන්තර දැනුමෙන් යුතු ආදර්ශවත් සිල්වත් සඟ පරපුරක් බිහි කිරීම සඳහා 1958 දී මහරගම ශ්‍රී වජිරඤාණ භික්‍ෂු පුහුණු ධර්මායතනය පිහිටුවීය. ඒ තුළින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් දැන උගත් මහ යතිවරුන් බිහි වූ අතර ලෝක ශාසනික සේවය උදෙසා උන්වහන්සේලාගෙන් සිදුවන මෙහෙය අති මහත් ය.

එවන් මහ සේවයක් කල පරම පූජණීය මඩෙිහේ අපේ නායක හාමුදුරුවන් විසින් රචිත මේම ග්‍රන්ථය බෞද්ධයන්ට පමණක් නොව අබෞද්ධයන්ට පවා අතිශය වැදගත් ග්‍රන්ථයක් වේ. ඔබත් භාගත කොටගෙන කියවන්න.