Skip to main content

සතිපට්ඨාන භාවනා විවේචනය හා තවත් කෘති – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ ( sathipattana bawana viwechanaya saha thawath kruthi – Most Ven. Rerukane Chandawimala Maha Thero )

“ මේ ( පොතින් සිදුකරන ) විවේචනය  සමහරුන්ගේ සිත් රිදවන්නට බැරි නැත. එසේ නොවන පරිදි විවේචනයක් සිදු කිරීම අපහසුය. කිසිවෙකුගේ නම් ගම් මෙහි සදහන් කර නැත. එසේ කරන ලද්දේද හැකිතාක් අනුන්ගේ සිත් රිදවීම වලකනු පිණිසය.

කාලාන්තරයක් යටපත් වී තිබූ මේ භාවනා‍ කුමය බුද්ධ ජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදු වූයේ ඉමහත් යහපතකි. දැන් මේ භාවනා ක්‍රමය පවතින්නේ සුලු පිරිසක් අතේය. බලවතුන් නගන ප්‍රශ්න වලට සෑහෙන පිලිතුරු දීගන්නට අසමර්ථ උවහොත් සමහර විට මේ උතුම් භාවනා ක්‍රමය තුරන් වන්නට ඉඩ තිබේ.  එසේ උවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මා විසින් මේ පොත  ලියූවේ මේ භාවනා ක්‍රමය මේ රටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවතීම පිණිසය.” කතෘ ස්වාමීන් වහන්සේ.

කාටත් ප්‍රයෝජනවත් වූ සතිපට්ඨාන භාවනා  විවේචනය හා තවත් කෘති ඔබට නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …