Skip to main content

අභිධර්ම මාර්ගය – රේරුකාණේ චන්දවිමල නාහිමි ( Abhidharma-Margaya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

“ අප විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනෙකු විසින් හා දහම් පාසැල් පවත්වන ඒවායේ උගන්වන බොහෝදෙනෙකුන් විසින්  තේරුම් ගැනීමටද, උගැනීමටද, ඉගැන්වීමටද පහසු අභිධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කල බැවින්  අප විසින් අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි” ලෙසින් කතෘ හිමිපාණන් වහන්සේ විසින් මේ ග්‍රන්ථය හදුන්වා දී ඇත.

“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,”  ලෙසින් උන්වහන්සේ විසින් ම මේ ග්‍රන්ථය හදුන්වා දී ඇති බැවින් ග්‍රන්ථයේ සරල බව මනාව වැටහේ.

බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු  ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය ඔබට හොද මාර්ගෝපදේශකත්වයක් සපයනු ඇති.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට අභිධර්ම මගට පිවිසෙත්වා …