මහාවග්ග පාළි 02 - විනය පිටකය ( MahâvaggaPali 02- Vinaya Pitakaya) - IFBC Organization | Download

“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි.

විනය පිටකය –

01.පරාජිකා පාළි,

02.පාචිත්ති පාළි,

03.මහා වග්ග පාළී,

04.චුල්ලවග්ග පාළී,

05.පරිවාර පාළි…..

යයි පොත් පසකට බෙදා දක්වනු ලැබේ. අටුවාවල එවැනි බෙදිමක් දකින්නට නොලැබේ. මෙයින් පාරාජික-පාචිත්ති පාළි යන දෙක සුත්තවිභජගයට ඇතුළත්ය. මහාවග්ග-චුල්ලවග්ග චෙක ඛන්ධක කොටසට ඇතුලත් වේ. පරිවාර පාළිය පරිවාර නමින් කියවණු තෙවැනි කොටසට ඇතුලත් වේ. සුත්තවිභංගයට අයත් භික්ඛුවිභංගයෙහි පාරාජිකා ශික්ෂාපද සතරකි. එයින් එකක් හෝ කඩකලහොත් ඒ භීක්ෂුවගේ භික්ෂුභාවය නැතිවේ.සංඝාදිසෙස ශික්ෂෘපද 13 කි. ඉන් එකක් කඩකළොත් සංඝයා ඉදිරිපිට දී වත් සමාදන් වී දින ගණණක් ඒ වත් පුරා නැවත සංඝයා ඉදිරියට පැමිණ යාච්ඤාකොට අබ්භානකර්මයෙන් ශුද්ධීය ලබාගත යුතුය.නිස්සග්ගීය – පාසිත්‍ය නැමැති ශික්ෂාපද තිහකි. ඒවා කඩළහොත් එයට මුල් වූ ප්‍රාත්‍ර සිවුරු සංඝයා මැද දී අනිකකුට පවරා දී ඇවැත්දෙසා පිරිසිදු වියයුතුය. පාචිත්ති නැමැති ශික්ෂාපද අනූදෙකකි. ඒවා කඩකළොත් අන්‍ය භීක්ෂුනමක් ඉදිරියට ගොස් ඒ සිද්ධිය දන්වා නැවත එය නොකරන බවට පොරොන්දු වී ශුද්ධිය ගැබිය යුතුය. සිවුරු පෙරවීම්, දන් වැළඳීම්, ගම්ඇතුළේ ගමන් කිරීම්, දහම් දෙසීම් ආදියේ දී පිළිපැදිය යුතු සදාචාරයට අයත් සේඛියා නැමැති ශීක්ෂාවෝ පන්සැත්තෑවකි. ඒවා කඩකිරීමෙන් දුක්කට නැමැති ඇවතක් සිදුවේ. අන්‍ය භික්සුනමක් ඉදිරියේ ඒ වරද ප්‍රකශ කිරීමෙන් ශුද්ධීය ලබාගත හැක.

භික්ඛුනිවිභංගයෙහි භික්ෂුණීන්ට අයත් පාරාජිකා ශික්ෂාපද අටකි, සංඝාදිසේස 17 කි,නිස්සග්ගිය තිසකි, පාචිත්‍ය 166 කි.
3. මහාවග්ගපාළීයෙහි බුද්ධත්වය ලැබූ තැන් පටන් බුද්ධචරිතය සංක්ෂේපයෙන් දැක්වේ. බුද්ධත්වය ලබා බරණැසට ගොස් දම්සක් පැවැත්වූ සැටිද, පස්වග මහණුන් රහත් කළ සැටි ද, යස ප්‍රවෘජ්ජාවද, ජටිල දමනය ද රජගහට යාම ද, එහි දක්වි තිබේ.ධම්මචක්කපවත්තන සූත්‍රය  ද ඊට අනතුරුව දෙසූ අනත්තලක්ඛණ සූත්‍රය ද තිබේ. පළමුවෙන්ම මහණ උපසම්පදාව දෙන ලද්දේ තිසරණ සමාදන්කර කරවීමෙනි. මුලදී ඒ දෙකම බුදු රදුන් විසින් කරන ලද නමුත් ඒ සඳහා ඈත පෙදෙස්වලින් පැමිණිම අපහසු විට ඒ ඒ පෙදෙස් වල පෙදෙස්වැසි භික්ෂූන් විසින් මහණකමත් උපසම්පදාවත් කිරීමට අවසර දෙන ලදී.සීමා සම්මතකොට කර්මවාක්‍ය කියා උසම්පදා කිරීම ඇතිවූයේ ඊට පසුය.(පොල්වත්තේ බුද්ධදත්ත හිමිගේ පාලි සාහිත්‍ය පොතෙන් උපුටා ගන්නා ලදී..)

04.මහා වග්ගයේ කරුණුම ස්වල්ප වශයෙන් විස්තර වේ. පඨම-දුතිය-තතිය සංගීති පුවත් ගෙනෙයි.
05. විනය නීතිරීති පැනවූ ස්ථාන,පුද්ගලයා,කාරණය,ආපත්තිය,අනාපත්ති ආදිය මෙහි මූළික වශයෙන් මෙහි කියවේ..

විනය පිටකයට අයත්මහාවග්ගපාළි 02 (108 Mb) ග්‍රන්ථය භාගත කරගනිමු …

බාගතකර ගැනීම
IFBC Home Page