Skip to main content
Monthly Archives

February 2015

බුද්ධ වන්දනා ක්‍රමය – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Buddha wandana Kramaya – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

බුදධානුස්සති භාවනාවක් වැඩෙන සේ ශ්‍රී කල්‍යාණී යෝලාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය නැමැති මෙම පොත සකස් වූයේ මෙයට අඩ සියවසකට පෙර අතිගරු පූජණීය ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥාණාරාමාභිධාන මහෝපාද්‍යාය මාහිමිපාණන් වහන්සේ අතිනි. මෙම වන්දනා ක්‍රමය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් සෑම සේනාසනයකම දවසට තුන් වේලක් එකම කාලසටහනකට අනුව පැවැත්වෙන බව ඉතා සතුටින් සදහන් කරණුයේ  බුධ්ධ ශාසන ප්‍රතිපත්ති සුරක්ෂිත වීම පිණිස ඉන් සැලසෙන ධර්ම ශක්තිය අතිවිශාල බැවිනි. ඉකුත් වූ අඩ සියවසර තුල බොහෝ වාරයක් මුද්‍රණය කරවූ මෙම වන්දනා ක්‍රමය මෙවර මුද්‍රණය කරවා බෙදා දෙනුයේ නාඋයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතිය සහ ආරණ්‍යස්ථ සිල් පිරිසගේ දායකත්වයෙනි.

මින් ජනිතවන පුණ්‍ය සම්භාරය මෙම වන්දනා ක්‍රමයේ නිර්මාතෘ වන අපවත්වී වධාළ අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිදාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව පිණිසම හේතුවාසනා වේවා. අපවත්වී වදාළ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශාභිදාන අසමද්දාචාරය් මාහිමිපාණන් වහන්සේ මතු උතුම් පෙව්තුරා බුදුබවට පත්වේවා …

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය යෝගාශ්‍රමීය සියලුම මහා සංඝරත්නය විසින් ඉතාමත් ගෞරවයෙන් එකලෙස භාවිතා කෙරේ. තදනුගාමික දස දහස් ගණන් බොදු උසි උවැසියෝද එසේම එය අනුගමනය කිරති. එහෙයින් මෙම ගෞතම සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති මාර්ගයේ ආරක්ෂාව අභිවර්ධනය පිණිසම හේතුවේවා.

මෙම ධර්ම දානමය පුණ්‍යලාභය හිමිකරගත් නාඋයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සංගමයේ සැමටත් ධර්මඥාන භාවානාඥානයත් ආයුරාරෝග්‍යාදී ශ්‍රී සම්පත්තිය අභිවර්ධනය වේවා. – කතෘ ස්වාමීන් වහන්සේ.

මෙම අගනු පුස්තකය ඔබත් බාගතකරගන්න.

බෝධි වන්දනා – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Bodhi wandana – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

බෝධි වුච්චති චතු මග්ගේසු ඤාණං – බෝධි යනු සතර මාර්ග ඥානයයි. අනුත්තරං සම්බෝධිං අභිසම්බුද්ධො – බෝධි යනු සර්වඥතා ඥානයයි. පත්වානං බෝධිං වරභූරි මේධසො – බෝධි යනු ශාන්ත නිර්වාණ ධාතුවයි. තවද බෝධි යනු සර්වඥරාජෝත්තමයන් වහන්සේට ද නමකි.

බුද්ධගයා ශුද්ධ භූමියෙහි අස්වත්ථ වෘක්ෂයට පිට දී තථාගතයන් වහන්සේ සතර මාර්ගඥාන බෝධියටද, සර්වඥතාඥාන බෝධියටද, ශාන්ත නිර්වාණ ධාතු බෝධියටද සැපත් වූ බැවින් ඒ අස්වත්ථ වෘක්ෂ රාජයාණන් ද බෝධි නමින් හැදින් වේ.

බුද්ධගයාවේ පිහිටි එම විජය ශ්‍රී බෝධිරාජයාණන් වහන්සේගේ පුත්‍ර නතෘ පරම්පරාවට අයත් වූ සියලු බෝධි වෘක්ෂයෝ පාරිභොගික වස්තු වශයෙන් පූජණීයයි. එසේ හෙයින් බෝධි පූජාව වෘක්ෂ පූජාවක් හෝ දේව පූජාවක් නොවේ. බෝධි පූජාව බුද්ධ පූජාවකි. ඥාණ පූජාවකි. බුද්ධානුස්සති භාවනාවකි. – කතෘ ස්වාමීන් වහන්සේ.

බෝධිය යනු ලොව්තුරු සම්බුද්ධ රාජ්‍යයේ ප්‍රතිමූර්තියයි. සම්බුදු පහසින් පරම පාරිශුද්ධත්වයට පත් වූ උත්තම විජය ශ්‍රී ජය සිරිමා බෝ සමිදුන් සිහිගන්වමින් සිදු කෙරෙන උත්තම බෝධි පූජාවටත් වඩා අප නොදත් බෝ දේ මේ ග්‍රන්ථයෙහි අඩංගුය. පරම පූජණීය අපේ නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ රචිත බෝ පොත ඔබත් භාගත කරගන්න.

භාවනා – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Bhawana – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

“ නිබ්බානං පරමං සුඛං – නිවන හෙවත් දුන් නිවීමපරම සුවයයි. ඒ සුවය ලබා ලැනීමට මාර්ග දෙකක් ඇත. එනම් බණ ඇසීම හා මාර්ගය වැඩීමයි. එය බුදුරජාණන් වහන්සේ පුග්ගලාරොපනයෙන් කොටස් සතරකට බෙදා දේශනා ක‍ලහ. උද්ගටිතඥ හා විපචිතඤයෝ බණ ඇසීමෙන් නිවන් දක්නාහු වෙති. නෙය්‍ය හා පදපරමයෝ බණ ඇසීමෙන් නිවන් දක්නාහු වෙති. නෙය්‍ය හා පදපරමයෝ මාර්ගය වැඩීමෙන්  නිවන් දක්නාහු වෙති. මෙකල නිවන් දැකීමේ නොවරදින මග මාර්ගය වැඩීමයි.

නිවන් දැකීමේ එකම මාර්ගය ආර්ය අෂිඨාංගික මාර්ගයයි. ඒ අංග අට ශීල, සමාධි, ප්‍රඥා යන ගුණ කදු තුනට ගොඩවේ. ආර්යාෂ්ඨාංගික මාර්ගයෙන් ගමන් කිරීම නම් සවකීය සන්තානයෙහි ශීල, සමාධි, ප්‍රඥා යන ගුණ කදු තුන දියුණු කිරීමයි.” – කතෘ ස්වාමීන් වහන්සේ.

සසුන් කෙතෙහි පිලිවෙත් පුරණ කරුණාවේ ප්‍රතිමූර්තියක් බදු වූ ත්‍රිපිටකාචාර් නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් ග්‍රන්ථගතකල “ භාවනා ” නම් මේ පුස්තක රත්නයි සසුන් මගෙහි ගමන් කරන ගිහි පැවිදි සැමදෙනාහට මනා මාර්ගඋපදේශකත්වයක් සපයයි. ඒ උත්මු පුස්ථක රත්නය භාගතකරගෙන කියවන්න ඔබට පුලුවන්.

ජරා මරණ දුකින් මිදෙමු – නාවලපිටියේ අරියවංශ හිමි ( Jara marana dukin midemu – Ven. Nawalapitiye Ariyawansa Thero )

By නාවලපිටියේ අරියවංශ හිමි ( Ven. Nawalapitiye Ariyawansa Thero )

කොයි මෙහොතේ හෝ අපි කාටත් මරණයට මුහුණ දෙන්නට සිදුවේ. මරණය ඉදිරියේ බිය නොවී ඉන්නට ඇත්නම් දුක් නොවී ඉන්නට ඇත්නම්, ශෝක නොකර ඉන්නට ඇත්නම් එය ඇත්තෙන්ම සැපක්ම වන්නේය. එහෙත් ඒ සැප සිතූ පමණින් ලබාගත නොහැකි වන්නේය.

සියලු දෙනාම මරණය අභියස ශෝක නොකර කම්පා නොවී, බිය නොවී වාසය කරන්නට තරම් භාග්‍ය වන්තයින් වන්නේ නම්  එය අපේ මහත් වූ කැමැත්ත වන්නේය. මේ කැමැත්ත යන්තමින් හෝ සිදුවනක්නේනම් එය ලෝකයටම සැපතක්ම වන්නේය. ඒ සදාකාලික සැප සියලු දෙනාටම අත්වේවා. – කතෘ හිමිපාණන් වහන්සේ

ජරා මරණ දුක හදුනාගැනීම පිලිබද නාවලපිටියේ  අරියවංශ හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය නිවන් මග වඩින ලොකු කුඩා හැම දෙනාටම මහත් ප්‍රයෝජනයක් ලබා දෙනු ඇත. ඔබත් මේ ග්‍රන්ථය බාගත කරගන්න.

මගඵල ලබන මග – පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි (magapalalabana maga – Galigamuwe Gnanadeepa Thero)

By පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Galigamuwe Gnanadeepa Thero Books )

“අපි මේ ගමන් කරන්නේ ඉතාමත් භයානක වූ සංසාර ගමනකයි. මේ සංසාර ගමනට හසුවෙලා ඉපදෙමින් මැරෙමින් යන සංසාරික සත්වයන් ගේ පෘතග්ජනභාවයේ තිබෙන අනතුර මෙතෙකැයි කියල සීමා කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ සතර අපායේ වැටි වැටී යන පෘතග් ජන සත්වයා මේ සංසාර ගමන තුල ගමන් කරන්නේ තමන්ගේ කැමැත්තට නොවන බවයි. තමන්ව නිර්මාණය කරපු අදෘෂ්‍යමාන දෙවියෙකු විසින් මේ ගමන මෙහෙයවනවත් නෙවෙයි. මේක ඉබේම යන සංසාර ගමනකුත් නොවෙයි.පටිච්ච සමුප්පාදය නිසා හේතූන් හැදෙන ඵලයන්ගේ ක්‍රියාකාරිත්වයට අනුව යි සත්වයා මේ සංසාර ගමන තුල දිගින් දිගටම ගමන් කරන්නෙ.” – කතෘ ස්වාමීන් වහන්සේ

නිවන් මගෙහි ගමන් කරන්නෙකුට බුදු පසේබුදු පදවි බලාපොරොත්තු නෙවේනම් මේ ජීවිතයේදීම නිවන් ලබන්නට තරම් අකාලික බුදු දහම මග පෙන්වනු ලැබේ. ඒ නිවන් මගට මනා ආලෝකයක් ලබාදෙන ඉතාම වැදගත් කෘතියකි මේ. ඔබත් මේ කෘතිය කියවා මේ ජීවිතයේදීම මගඵල ලබන්නට උත්සාහ කරන්න.

කායානුපස්සනා භාවනා – පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි (kayanupassana Bhawana – Galigamuwe Gnanadeepa Thero)

By පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Galigamuwe Gnanadeepa Thero Books )

“බුද්ධ ශාසනය කියන්නෙ බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාරණ ලද චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වැඩ පිලිවෙලයි. බුද්ධ ශාසනයක් පිහිටුයන්න පුලුවන් බුදුරජාළණන් වහන්සේ නමකට විතරයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අයිති වෙන්නේ ශ්‍රාවක පිරිසට. භික්ෂූන් වහන්සේලා අයිති වෙන්නේ “ භික්ඛු සංඝ ” කියන කොටසට. භික්ෂුණීන් වහන්සේලා අයිතිවන්නේ “ භික්ඛූණී සංඝ” කියන කොටසටයි. තෙරුවන් සරණ ගිය සිල්වත් ගිහි ශ්‍රාවකයන්ට “ උපාසක” කියලත් තෙරුවන් සරණ ගියි ගිහි ශ්‍රාවිකාවන්ට “ උපාසිකා” කියලත් හදුන්වන්නෙ. ඇත්තෙන්ම කෙනෙක් බුද්ධ ශාසනයට ඇතුලුවන්නෙ තෙරුවන් සරණ යෑමෙන්. තෙරුවන් සරණ යන්නෙ කොහොමද කියල අපි දැනගන්න ඕනි. “-කතෘ ස්වාමීන් වහන්සේ.

අදුරෙන් එළිය කරා යන මග හෙලි කරන කායානුපස්සනා නම් මෙම කෘතිය ගිහි පැවිදි සියලු දෙනාට ඉතාම වැදගත් ග්‍රන්ථයකි. නිවන් මග යන අයෙක්ට මනා මාර්ග උපදේශයක් ලබාදෙන ග්‍රන්ථයකි. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් රචිත මේ ග්‍රන්ථය ඔබත් කියවන්න.

ආනාපානාසති භාවනාව – පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි (Anapanasathi Bhawanawa – Galigamuwe Gnanadeepa Thero)

By පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Galigamuwe Gnanadeepa Thero Books )

ආනාපානාසති භාවනාව කියන්නෙ අපේ කය හා බැදී පවතින හුස්ම රැල්ල කෙරෙහි කෙලෙස් තවන වීර්යයකින් යුතුව මනා නුවණින් යුතුව, හුස්ම රැල්ලේ වෙනස්කම් තේරුම්ගත හැකි ලෙස ස්වාභාවික හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවමින් සිතත්, ප්‍රඥාවත් දියුණු කිරීමයි.

අත්තෙන්ම ආනා පානාසති භාවනාව තුලින් පුදුම විදිහට හිතේ සංසිදීමක් ඇතිවෙනව. බුදුරජාණන් වහන්සේ වදාලේ “ ආනාපානාසති භාවේතබ්බාචිතක්කුපච්ඡේදාය ” අපේ හිතේ විතර්ක සංසිදුවා ගැනීම පිණිස ආනාපානාසති භාවනාව වඩන්න කියලයි.

කතෘ ස්වාමීka වහන්සේ විසිනි.

ආනාපානාසති භාවනාවට මනා මගපෙන්වීමක් ලබාදෙන පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් රචිත මේ ග්‍රන්ථය ඔබට නිවන් මගට මනා පිටුවහලක් වේවි.

බුද්ධියේ හිරු කිරණ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( Buddhiye hiru kirana – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

ජීවිතය යනු සුවහසක් ගැටළුවලින් පිරුණු දෙයක්.එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳ වී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්නට කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම වඩාත් හොඳ නොවේද? ඒ වෙනුවෙන් හැම කෙනෙක්ම යම්කිසි පිහිටක් පිළිසරණක් සොයා යනවා. අනික් අතට මේ ජීවිතය හිතාගන්නට බැරිතරම් අවදානම්. කොයි මොහොතේ කුමන ආපදාවකින් අපට කරදර සිදුවේදැයි කාහට නම් කිව හැකිද? හරිම අවිනිශ්චිතයි. කොයි පැත්තෙන් බැලූවත් අසරණභාවයක් දකින්නට ලැඛෙනවා. වචනවලින් කියා ගත නොහැකි මොකක්දෝ අඩුපාඩු සහිත බවක් ජීවිතවල තියෙනවා. ඔය අතරෙ තම තමාගෙන් සිදු වූ අත්වැරදිවලට වන්දි ගෙවමින් සෝ සුසුම් හෙළන ජීවිත කොතෙක්ද?

දුක් වේදනා හිත්වල පුරවාගෙන හිතින් හ~ හ~ා සිටින ජීවිත කොතෙක්ද? ඊළඟට මේ තත්වය දිගින් දිගටම පවත්වන්නට මෙන් සමහර ජීවිතවල අපල උපද්‍රව ග්‍රහදොස් යැයි කියා ගන්නා දේව ̈ත් සතුරු ඉවරයක් නැහැ. ඇත්තෙන්ම ජීවිතය අනාරක්ෂිතයි නේද? ඔය තත්වය නිසාම අනාගතය පිළිබඳ සැක සහිත බවක් නේද සිතට ඇති වෙන්නේ? ඉතින් බොහෝ දෙනෙක් ජීවිතය සුරක්ෂිත කර දෙනවා යයි පෙනෙන බොහෝ දේ පසුපස ඔහේ දුවගෙන යනවා. නැකත්, සුභ නිමිති, දේව වාක්‍යය, දෙවි රැකවරණ, අපල ලබාදෙන නව ග්‍රහයන්ට
අයත් දෙවිවරු, හාස්කම්වලින් පිහිට ලබා ගැනීම, විශ්මය ජනක සෙත් ශාන්ති ආදී දහසක් දේ පසුපස යනවා. යම්කිසි අද්භූත දෙයකින් පිහිටක් ලබාගන්නට පෙළඹෙනවා. එහෙත් අපේ අසරණකම කොතරම්ද කීවොත් ඒ කිසි දෙයක සත්‍යාසත්‍යභාවය සොයන්නට අප කැමති
වෙන්නේ නැහැ

– කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.

පින සහ අවබෝධය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( Pina saha awabodhaya – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

” බුදුරජාණන් වහන්සේ පහලවෙලා ධර්මය දේශනා කිරීමේ ඉලක්කයක් සත්වයා සතර අපායෙන්නිදහස් කිරීම. ඊලග එක, මේ ලෝකයේ දෙවිවරු මිනිස්සු අපි හැමෝම සැපයට කැමතියි. සැප කැමති උනාට අපිට සැපය තෝරා බේරාගන්න තේරුන්නෙ නැහැ. සැපය ගැනැ බුදුරජාණන් වහන්සේ දේශනා කලා. සුගතියේ ඉපදීම සැප ලබාගන්නට ‍තියෙන එක අවස්ථාවක්. එතකොට සතර අපාදුකින් මුදවාලීම බුදුරජාණන් වහන්සේගේ මූලික කාර්යය. ඊලග කාර්යය තමා සුගතියේ සැප ලබාදීම “

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසක් තමයි ඒ. ඔබත් මේ දේශනය කියවා සසර සැපවත් කරගන්න

සිංහල පිරුවාණා පොත්වහන්සේ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( sinhala piruwana poth wahanse – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහල වී වදාල  සතරවෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත්, රැකවරණයත්, ආරක්ෂාවත් උදෙසා අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදාකරදිය හැක්කේ පරම දුර්ලභ වූ බුදු සසුනට පමණි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙකරුණ මැනවින් සිහියේ දරා සිටින්නෙකි. ඒ නිසා දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන් හිදී ආශිර්වාදය සලසා ගන්නේ උතුම් තෙරුවන් සරණ තුලින්මය. බාහිර පිහිටක්, පිළිසරණක් සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. ඒ නිසාම ලක්දිව වැඩසිටි ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන්ගේ ජීවිතවලට ආරක්ෂාවත් ජීවිතවල සැනසීමත් යහපතත් උදෙසා සියවස් ගණනක් මුලුල්ලේ භාවිතයට පැමිණි පිරිත් පොත අපේ රට තුල සම්භාවනාවට පත් වූයේ පිරුවානා පොත්වහන්සේ නමනි.  ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනා සමග තමන්ගේ මුලු ජීවිතයම රදවාගෙන තිබුණි. අපරට ආක්‍රමණය කල මිත්‍යාදෘෂ්ඨික ඉංග්‍රීසි පාලකයන් වරෙක එංගලන්තයට ලියා යවා තිබුනේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව සතිපිරිත් පින්කම් වලින් ඈත්කරගතහොත් ඔවුන්ව ලේසියෙන් ක්‍රිස්තියාණි කරගත හැකි බවය. මෙයින් පෙනෙන්නේ පිරුවාණා පොත් වහන්සේ සිංහල බෞද්ධයාගේ ජීවිතවලට බද්ධවී ඇති ආකාරය පිලිබද ඔවුන් බියපත්ව සිටි බවය.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ